2026-08-15 09:38:00 Hours
ඉන්දුනීසියාවේ අද (15) අලුයම ඇති වූ භූකම්පන තත්ත්වයෙන් පුද්ගලයින් දෙදෙනෙකු මේ වන විට ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එරට මාධ්‍ය වාර්තා කරන්නේ ඉන්දුනීසියාවේ මධ්‍යම දූපත් සමූහය ආසන්නයේ දී අද (15) අලුයම 3.28ට පමණ රික්ටර් මාපකයේ 7.7ක අගයකින් යුත් ප්‍රබල භූකම්පන තත්ත්වයක් හටගත් බවයි.
භූකම්පන තත්ත්වයෙන් පසුව රික්ටර් මාපකයේ 5.9, 5.6 සහ 6.1 අගයන්වලින් යුත් පසුකම්පන 3ක්ද හටගෙන තිබුණා.
ඒ අනුව එරට ජාතික භූ විද්‍යා ඒජන්සිය විසින් සුනාමි අනතුරු ඇගවීමක් ද නිකුත් කරනු ලැබුවා.
කෙසේ වෙතත් ඉන් අනතුරුව සුනාමි අනතුරු ඇඟවීම් ඉවත් කිරීමට ද එරට ජාතික විද්‍යා ඒජන්සිය කටයුතු කළා.
මේ අතර ඉන්දුනීසියාවට බලපෑ මෙම භූකම්පන තත්ත්වයෙන් පසුව නිකුත් කෙරුණු සුනාමි අනතුරු ඇඟවීම් අනුව මෙරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ද නිවේදනයක් නිකුත් කළා.
එම නිවේදනයේ සඳහන්ව ඇත්තේ භූකම්පනයෙන් රටට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කෙරුණද මෙරටට එම තත්ත්වයේ බලපෑමක් නොමැති බවයි.
මේ අනුව මෙරටට එහි අවදානමක් නොමැති බැවින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය මේ අනුව මෙරට මුහුදු බඩ ප්‍රදේශවල සාමාන්‍ය ජන ජීවිතය ආරක්ෂා සහිත බවද සඳහන් කළා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk