2026-02-22 20:49:00 Hours

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දුර්වල ක්‍රීඩා විලාශය ගැන සංගාගෙන් සටහනක්


...

ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් යම් සැලසුමකට අනුව ක්‍රියා කළද පිතිකරුවන්ගෙන් එය දැකගත නොහැකි වූ බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර මහතා පවසනවා.

ලෝක කුසලාන තරඟාවලියේ සුපිරි 8 වටයේ අද (22) පැවැති තරඟයෙන් ශ්‍රී ලංකාව හමුවේ එංගලන්තය හමුවේ ලකුණු 51කින් ලැබුණු දරුණු පරාජය සමඟ සිය X ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කරනවා.

සංගක්කාර සිය සටහනෙන් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඉතා දුර්වල ක්‍රීඩා විලාසයක් දැකගත හැකි වූ බවයි.

ආරම්භක පිතිකරු කමිල් මිෂාරගේ ක්‍රීඩා විලාශය ද එතරම් උසස් මට්ටමක නොතිබූ බවද ඔහු එම සටහනෙන් සඳහන් කර තිබෙනවා.

සිය සටහනෙන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ක්‍රීඩා පිටියේ තණතිල්ලේ ස්වභාවය සහ තරඟයේ පවතින තත්ත්වය නිවැරදිව වටහා ගැනීමට පිතිකරුවන් අපොහොසත් වීමෙන් ශ්‍රී ලංකාවට මෙම පරාජයට මුහුණ දීමට සිදුවූ බවයි.

මේ අතර අද (22) තරඟයේ විස්තර විචාරකයෙක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර එක්ව සිටියා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk