2026-08-15 10:10:00 Hours
ශ්‍රී ලංකාව සහ සංචාරක ඉන්දීය කණ්ඩායම අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (15) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා.
එහිදී කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.
මෙම තරගයත් සමඟ දකුණත් දඟපන්දු යවන ක්‍රීඩක කේශර නුවත්ත ශ්‍රී ලංකාව වෙනුවෙන් සිය මංගල ටෙස්ට් තරගයට එක්වුණා.
ඒ අනුව ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් හිමිකරගත් 171වැනි ක්‍රීඩකයා බවට පත්වනවා.
ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ උපනායකයා ලෙස කමිඳු මෙන්ඩිස් කටයුතු කරනවා.
මේ අතර, කුසල් මෙන්ඩිස් වෙනුවට කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල යළි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට කැඳවා තිබෙනවා.
ඔහු අවසන් වරට ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම නියෝජනය කර තිබුණේ 2023 වසරේ මාර්තු මාසයේ දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති තරගයකදීයි.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk