2026-08-09 09:07:00 Hours
ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ මෙවර ශූරතාව දිනා ගැනීමට ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සමත් වුණා.
ඒ, ඊයේ (08) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති අවසන් මහා තරගයේදී ජැෆ්නා කිංග්ස් කණ්ඩායම කඩුලු 5කින් පරාජයට පත් කරමින්.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට පන්දුවාර 19යි පන්දු 3ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 123ක් පමණයි.
ඒ අනුව ලකුණු 124ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම පන්දුවාර 15යි පන්දු 5ක් අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 126ක් රැස්කරමින් තරගයේ ජය තහවුරු කරගත්තා.
මෙම ජයත් සමඟ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම පළමු වරට LPL ශූරතාව හිමිකර ගැනීමට සමත් වීම විශේෂත්වයක්.
මීට පෙර අවස්ථා තුනකදී අවසන් මහා තරගයට සුදුසුකම් ලබා තිබූ ගෝල් කණ්ඩායමට එම සෑම අවස්ථාවකදීම අනුශූරතාවයෙන් සෑහීමට පත්වීමට සිදුව තිබුණා.
මේ අතර, අවසන් මහා තරගය නැරඹීම සඳහා ක්‍රීඩාලෝලීන්ට නොමිලේ ක්‍රීඩාංගණයට ඇතුළුවීමට අවස්ථාව ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබුණා.
ඒ අනුව තරගය නැරඹීම සඳහා ක්‍රීඩාලෝලීන් විශාල පිරිසක් ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයට පැමිණ සිටි බව දක්නට ලැබුණා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk