2026-08-03 13:12:00 Hours
තමන් ආණ්ඩුවට එක්වීමට යන බව මාධ්‍ය ඔස්සේ පළවන වාර්තා අසත්‍ය බව සමඟි ජන බලවේගයේ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසනවා.
විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු සඳහන් කරන්නේ “මම ආණ්ඩුවට එක්වීමට යන බවට කටකතාවක් පැතිර යනවා. එය සත්‍යයෙන් බොහෝ දුරස් වූ කරුණක්. කෙසේ වෙතත්, මා වැනි අයව ආණ්ඩුවට අවශ්‍ය වී තිබීම ගැන මම සතුටු වෙනවා.
මා අනුගමනය කරන දේශපාලන ක්‍රමවේදය වෙනස්. යහපත් දේ අගය කිරීමටත් අයහපත් දේට විරුද්ධ වීමටත් මම පසුබට වෙන්නේ නැහැ. රාජ්‍ය මූල්‍ය කාරක සභාවේ (COPF) සභාපතිවරයා ලෙස මම සැමවිටම එහි ගෞරවය ආරක්ෂා කිරීමට උත්සාහ කරනවා. මා කටයුතු කරන ආකාරය අකමැති පිරිසක් සිටින බවත් මම දන්නවා."
“සුව සැරිය” ගිලන්රථ සේවාවේ 10 වන සංවත්සරය සැමරීම සඳහා පැවති උත්සවයකදී ආචාර්ය ද සිල්වා මහතා සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය නලින්ද ජයතිස්ස මහතා සමඟ සිටිනු දක්නට ලැබුණා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk