2026-08-09 14:57:00 Hours

කුසල්, චමරි සහ වනිඳුගේ සහායෙන් ක්‍රිකට් ක්‍රීඩකයන්ට නව සංගමයක්


...

ශ්‍රී ලංකා වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමය නව සංගමයක් ලෙස එළිදක්වා තිබෙනවා.

එහි සමාරම්භක සභාපතිවරයා ලෙස වත්මන් සීමිත පන්දුවාර ක්‍රිකට් නායක කුසල් මෙන්ඩිස් පත්කර ඇති බවයි වාර්තා වන්නේ.

ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු සහ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ද මෙම සංගමයට සහාය පළකර ඇති බවයි.

ශ්‍රී ලංකා වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ අයිතිවාසිකම් සහ සුබසාධනය වෙනුවෙන් ඉදිරියේදී මෙම සංගමය කටයුතු කිරීමට නියමිත බවද සඳහන්.

එමෙන්ම, ඉදිරියේදී මෙම සංගමය ලෝක ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමය සමඟද එක්ව කටයුතු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk