2026-08-14 21:02:00 Hours

බන්ධනාගාර නිලධාරීන්ගේ තොරතුරු රැස්කළ අයෙක් අත්අඩංගුවට


...

බන්ධනාගාර නිලධාරීන්ගේ තොරතුරු රහසිගතව සොයමින් සිටි පුද්ගලයෙකු සහස්පුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පවසන්නේ ඔහු පසුගියදා නව මැගසින් බන්ධනාගාරයේ ඇති වූ කලහකාරී තත්ත්වය අතරතුරදී මියගිය මොහොමඩ් අස්මාන් ෂෙරිෆ්ඩීන් නැමැත්තාගේ සමීපතමයෙක් බවයි.

එම සැකකරු පසුගිය වසරේ දෙහිවල වටරප්පල පාරේදී සිදුකළ ද්විත්ව ඝාතනයේ යතුරුපැදිකරු ලෙස කටයුතු කර ඇති බවද වාර්තා වනවා.

ඔහු නව මැගසින් බන්ධනාගාරයේ කලහකාරී තත්ත්වය ඇති වීමට දින 3කට පෙර ඇප මත නිදහස්ව ඇති බව සඳහන්.

තවද එම සැකකරු කොස් මල්ලි නම් විදෙස්ගතව සැඟව සිටින අපරාධකරුගේ සමීපතමයෙක් බවට හෙළිව ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුගේ ජංගම දුරකථනය පරික්ෂා කිරීමේදී කොස් මල්ලි සමඟ සිදුකළ සංවාද කිහිපයක හඬපට ද පොලීසිය සොයාගෙන තිබෙනවා.

බන්ධනාගාර නිලධාරීන් පිළිබඳව සිදුකළ සොයා බැලීම් වන අතර එහි ඔවුන්ට අනතුරක් සිදු කිරීමට සුදානම් වන බවද එම දුරකථන සංවාදවල ඇතුළත්ව ඇති බව සඳහන්.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk