2026-08-08 15:46:00 Hours

LPL අවසන් සටන අද


...

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රියේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව මෙවර ශූරතාව වෙනුවෙන් Jaffna Kings සහ Galle Gallants කණ්ඩායම් තරග වැදීමට නියමිතව තිබෙනවා.

මූලික වටයේ තරග අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු සහ දෙවන ස්ථාන හිමිකර ගැනීමටද මෙම කණ්ඩායම් දෙක සමත්ව තිබුණා.

පළමු සුදුසුකම් ලැබීමේ තරගයේදී Galle Gallants පරාජය කරමින් Jaffna Kings අවසන් මහා තරගයට පළමුව සුදුසුකම් ලබාගත්තා.

අනතුරුව දෙවන සුදුසුකම් ලැබීමේ තරගයේදී Colombo Kaps කණ්ඩායම පරාජය කරමින් Galle Gallants ද අවසන් මහා තරගයට එක්වුණා.

ඊයේ පැවති එම තරගයෙන් Galle Gallants කඩුලු 6ක ජයක් හිමිකර ගත් බව වාර්තා වුණා.

අද රාත්‍රී 7.30ට අවසන් මහා තරගය ආරම්භ වීමට නියමිතයි.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk