2026-08-14 18:34:00 Hours

වාහන ආනයන බදු මත පනවා ඇති 50% අධිභාරය දෙසැම්බර් දක්වා දීර්ඝ කරයි


...

වාහන ආනයන බදු මත රජය විසින් පනවා තිබූ 50%ක අධිභාරය ලබන දෙසැම්බර් 31 වැනිදා දක්වා දීර්ඝ කර තිබෙනවා.

මෙම අධිභාරය හෙට (15) දිනයෙන් අවසන් වීමට නියමිතව තිබූ අතර, ඒ අනුව හෙට සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා තවත් දීර්ඝ කර ඇති බව සඳහන්.

1988 අංක 83 දරන පනතින් සංශෝධිත රේගු ආඥා පනතේ 10 අ වගන්තිය යටතේ ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව මෙම දීර්ඝ කිරීම සිදුකර තිබෙනවා.

කෙසේ වෙතත්, පසුගිය මැයි 15 වැනිදා හෝ ඊට පෙර ණයවර ලිපි විවෘත කර ඇති මෝටර් රථ ආනයනයන් සඳහා මෙම නියමය අදාළ නොවන බවද සඳහන්.

ඒ අනුව, අදාළ දිනයට පෙර ණයවර ලිපි විවෘත කර ඇති වාහන ආනයනයන් මෙම අධිභාර දීර්ඝ කිරීමෙන් බලපෑමට ලක් නොවනු ඇති.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk