2026-06-09 12:59:00 Hours

පුංචි තිරයේ ආදරණීය අත්අම්මාට 99යි


...

මෙරට කලා ක්ෂේත්‍රයේ කා අතරත් ආදරණීය චරිතයක් වූ ප්‍රවීණ රංගවේදිනියක සහ පරිසරවේදිනියක ලෙස ගෞරවාදරයට ලක්ව ඇති ජ්‍යෙෂ්ඨ කලාවේදී අයිරාංගනී සේරසිංහ මහත්මිය අද (09) සිය ජීවන ගමනේ 99 වැනි වියට පා තබනවා.

1927 ජුනි මස 9 වනදා රුවන්වැල්ලේදී උපත ලැබූ ඒ මහත්මිය අයිරාංගනී රෙක්සානා මීදෙනිය වූ අතර විවාහයෙන් පසුව අයිරාංගනී සේරසිංහ නම් වූවා.

ඇය කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය, බිෂොප් විද්‍යාලය සහ මහනුවර උසස් බාලිකා විදුහලෙන් මුලික අධ්‍යාපනය හැදෑරුවා.

පසුව ඇය ලංකා විශ්ව විද්‍යාලයෙන් B A උපාධිය හිමි කරගනු ලැබුවා.

රංගන ක්ෂේත්‍රයට පිවිසීමෙන් පසුව කොළඹ මයුසියස් විද්‍යාලයේ ගුරුවරියෙක් ලෙස කලක් සේවය ඒ මහත්මිය පසුව ටයිම්ස් පුවත්පතේ සහ ලංකා ගුවන් විදුලි සංස්ථාවේ මාධ්‍යවේදිනියක් ලෙසද කටයුතු කර තිබෙනවා.

1950 දශකයේ ලයනල් වෙන්ඩ්ට් රඟහලේ ඉංග්‍රීසි නාට්‍යවලට රංගනයෙන් දායක වෙමින් ඇය මෙරට කලා ක්ෂේත්‍රයට පිවිසියා.

ඒ අනුව 1955 වසරේ දී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් රජයේ චිත්‍රපට අංශය වෙනුවෙන් නිර්මාණය කළ වාර්තා චිත්‍රපටියකින් අයිරාංගනී මහත්මිය සිය සිනමා ගමන ආරම්භ කළා.

ඉන් පසුව ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ විශිෂ්ඨ සිනමා නිර්මාණයක් වූ රේඛාව චිත්‍රපටියේ කතිරිනා හාමි චරිතය නිරූපනය කරමින් එතුමිය මෙරට රසිකයින් අතර ජනප්‍රියත්වයට පත් වුණා.

ඒ වෙනුවෙන් සම්මාන රැසකින් පිදුම් ලැබීමට සමත් වුණා.

අද්විතීය රංගන දායකත්වය වෙනුවෙන් කලා කීර්ති ඇතුළු ජාතික මට්ටමේ සම්මාන රැසකින් අයිරාංගනී සේරසිංහ මහත්මිය පිදුම් ලබා තිබෙනවා.

එතුමිය ඔස්කාර් සම්මානලාභී අධ්‍යක්ෂිකා දීපා මේතාගේ වෝටර් චිත්‍රපටිය ඇතුළු අන්තර්ජාතික සිනමා නිර්මාණ කිහිපයකට ද තම රංගන දායකත්වය සපයා ඇත.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk