2026-08-17 09:17:00 Hours
මාපියන්ගේ, භාරකරුවන්ගේ හෝ ගුරුවරුන්ගේ පූර්ව අනුමැතියකින් තොරව ළමුන්ගෙන් ප්‍රකාශ ලබාගැනීම, ඒවා පටිගත කිරීම හෝ ප්‍රසිද්ධ කිරීමෙන් වළකින ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය ජනමාධ්‍ය ආයතන වෙත දැනුම්දී තිබෙනවා.
මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි ළමුන් කිහිපදෙනෙකු ජනමාධ්‍ය වෙත දැක්වූ අදහස් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමෙන් පසු, එම දරුවන් විවිධ පාර්ශ්වයන්ගේ හාස්‍යයට සහ උපහාසයට ලක්වීම හේතුවෙන් මෙම දැනුම්දීම සිදුකර ඇති බව සඳහන්.
විභාගයෙන් අනතුරුව ළමුන් කළ ප්‍රකාශ උපුටා දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඒවා හුවමාරු කිරීම හරහා දරුවන් උපහාසයට ලක්වන අවස්ථා නිරීක්ෂණය වී ඇති බවද අමාත්‍යාංශය පවසනවා.
එවැනි වීඩියෝ සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමට වගකිවයුතු ජනමාධ්‍ය ආයතනවලට එරෙහිව ළමා අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් නීතිමය පියවර ගත හැකි බවටද අධ්‍යාපන අමාත්‍යාංශය අනතුරු අඟවා තිබෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk