2026-08-16 19:14:00 Hours

නාවික ප්‍රහාරක යාත්‍රා අනතුර ගැන සෙවීමට විශේෂ පරීක්ෂණ මණ්ඩලයක්


...

අගුලාන මුහුදු ප්‍රදේශයේ දී නාවික හමුදා වේග ප්‍රහාරක යාත්‍රාවක් අනතුරට පත්වීමේ සිද්ධිය පිළිබඳව මූලික විමර්ශනයක් සිදු කිරීම සඳහා විශේෂ පරීක්ෂණ මණ්ඩලයක් පත් කර තිබෙනවා.

නාවික හමුදා අදාළ සිද්ධිය සම්බන්ධව මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් මේ බව පැවසුවා.

මේ අතර අදාළ අනතුරින් අතුරුදහන් වූ නාවික නිලධාරියා සොයා සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වනවා.

අදාළ යාත්‍රාව ඊයේ (15) දින අනතුරට පත්වීමෙන් පසුව බේරාගත් නිලධාරීන් 11 දෙනා මේ වන විට වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බව නාවික හමුදාව පවසනවා.

ඔවුන් සඳහන් කරන්නේ එම 11 දෙනාගේ තත්ත්වය බරපතළ නොවන බවයි.

මේ අතර අනතුරට පත් නාවික හමුදා යාත්‍රාව ගොඩගැනීමේ මෙහෙයුම අද (16) දින ආරම්භ කර තිබෙනවා.

ඒ සඳහා නාවික හමුදාවේ කිමිදුම්කරුවන් යොදවා ඇති බව සඳහන්.

කෙසේ වෙතත් නාවික හමුදාව පවසන්නේ පවතින රළු මුහුදු තත්ත්වය මෙම මෙහෙයුම සඳහා සැලකිය යුතු අභියෝගයක්ව පවතින බවයි.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk