2026-08-17 08:06:00 Hours

මහල් නිවාසයකින් ඇඳවැටී දරුවෙක් මරුට


...

කොළඹ 9 ප්‍රදේශයේ මහල් නිවාසයක සිටි පිරිමි ළමයෙකු එම මහල් නිවාසයෙන් ඇඳ වැටීමෙන් මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේ පදිංචි 12 හැවිරිදි ළමයෙකි.

අදාළ දරුවා මහල් 14කින් සමන්විත මහල් නිවාසයේ උඩු මහලේ පිහිටි නාන තාටාකය ආසන්නයේ තවත් ළමයින් කිහිපදෙනෙක් සමඟ අවට පෙදෙස නරඹමින් සිටින අතරතුර මෙලෙස පහළට ඇද වැටී ඇති බව මුලික විමර්ශනවලදී හෙළිව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධව මරදාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk