2026-08-16 11:03:00 Hours
සිරකරුවන් හා සම්බන්ධ වන බන්ධනාගාර නිලධාරීන් 3069කට තවමත් කිසිඳු ගිනිඅවි පුහුණුවක් නොමැති බව වාර්තා වනවා.
ජාතික විගණන කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවක මේ බව සඳහන් වනවා.
එම වාර්තාවට අනුව සිරකරුවන් කළමනාකරණය කිරීමේදී සහ අනෙකුත් අරමුණු ඉටු කර ගැනීමේදී බන්ධනාගාර නිලධාරීන් ගිනිඅවි පුහුණුව ලබාදීම අත්‍යාවශ්‍ය කාරණයක් බව පෙන්වා දී තිබෙනවා.
සිරකරුවන් හා සම්බන්ධ වන නිලධාරීන් සහ නිලධාරිනියන් 2389 දෙනෙකුට 2018 වසරේ සිට 2025 වසර දක්වා ගිනිඅවි පුහුණුව ලබාදී තිබූ බවද එහි සඳහන් වනවා.
මේ අතර විවිධ චෝදනාවට ලක්වූ බන්ධනාගාර නිලධාරීන් 601ක් සම්බන්ධ විගණන වාර්තාව තොරතුරු වී තිබෙනවා.
මෙම පිරිසට වැඩ තහනමට ලක්වූ 149ක් සේවයෙන් පහ කළ 28ක් සේවයෙන් ඉල්ලා අස්වූ 28ක් සේවය අවසන් කළ 23ක් අනිවාර්ය නිවාඩු යැවූ 8ක් ඇතුළත් වනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk