2026-08-16 20:48:00 Hours
කුරිකට්ටුවාන් සිට ඩෙල්ෆ් දක්වා යාත්‍රා කරමින් තිබූ මගී ප්‍රවාහන බෝට්ටුවක් අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අනතුරට ලක්ව තිබෙනවා.
නාවික හමුදාව සඳහන් කළේ අනතුරට ලක්වන අවස්ථාවේ බෝට්ටුවේ ඔපරේටර්වරුන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 10 දෙනෙකු සිට ඇති බවයි.
අයහපත් කාලගුණ තත්ත්වය පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබියදීත් මෙම මගී බෝට්ටුව කුරිකට්ටුවාන් සිට ඩෙල්ෆ් දක්වා යාත්‍රා කර ඇති බවද නාවික හමුදාව පවසනවා.
කෙසේ වෙතත්, අනතුරට පත්වූ බෝට්ටුවේ සිටි සියලුදෙනා නිරුපද්‍රිතව බේරාගැනීමට නාවික හමුදාව සමත්ව තිබෙනවා.
බේරාගත් පුද්ගලයින් 10 දෙනා ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk