2026-10-25 21:19:00 Hours
එළැඹෙන 27 වැනිදා වන විට ගෑස් සිලින්ඩර ලක්ෂ 7ක් දිවයින පුරා බෙදාහැරීමට සැලසුම් කර ඇති බව ලිට්රෝ ගෑස් සමාගම පවසනවා.
වෙළෙඳපොළේ පවතින ඉහළ ඉල්ලුම සැලකිල්ලට ගනිමින් ගෑස් සැපයුම ශක්තිමත් කිරීමට පියවර ගෙන ඇති බවයි එම සමාගම නිවේදනය කළේ.
ඒ අනුව, පසුගිය 22 වැනිදා මෙරටට ළඟා වූ ගෑස් මෙට්රික් ටොන් 3,900ක තොගයට අමතරව, ඊයේ (24) දිනයේදී ද ගෑස් මෙට්රික් ටොන් 3,900ක් රැගත් GOODWILL නෞකාව මෙරටට පැමිණ තිබෙනවා.
එමෙන්ම, තවත් ගෑස් නෞකාවක් හෙට (26) දිනයේදී මෙරටට ළඟාවීමට නියමිත බවයි ලිට්රෝ සමාගම සඳහන් කළේ.
පසුගිය 22 වැනිදා මෙරටට ළඟා වූ ගෑස් තොගයෙන් ගෑස් සිලින්ඩර තුන්ලක්ෂ පනස්දහසක් පසුගිය 23 සහ 24 යන දිනවලදී මෙන්ම අද (25) දිනයේදීත් අඛණ්ඩව බෙදාහැරීමට කටයුතු කර ඇති බව එම සමාගම වැඩිදුරටත් සඳහන් කළා.
ඒ අනුව, ඉදිරි දින කිහිපය තුළ ගෘහස්ථ ගෑස් හිඟයකින් තොරව වෙළෙඳපොළෙන් ලබාගැනීමට පාරිභෝගිකයන්ට හැකිවනු ඇති බවට ලිට්රෝ සමාගම විශ්වාසය පළ කරනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk