2026-10-23 15:11 Hours
කොළඹ විහාර මහාදේවී උද්යානයේ සත්යග්රහයේ නිරත භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිසට ඉවත් වන ලෙස ඊයේ (22) නිකුත් කළ අධිකරණ ආඥාව වෙනස් කළ නොහැකි බව කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා අද (23) නියෝග කළා.
එම ආඥාවට පටහැනිව යම් ක්රියාවක් සිදු වුවහොත්, දණ්ඩ නීති සංග්රහය යටතේ අවශ්ය නීතිමය ක්රියාමාර්ග ගැනීමට පොලිසියට හැකියාව පවතින බවද මහේස්ත්රාත්වරයා සඳහන් කළා.
විහාර මහාදේවී උද්යානයේ විරෝධතාවයේ නිරත පිරිස සහ නීතිපතිවරයා අද දිනයේදී මෝසම් පත්ර දෙකක් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
ඉන් විරෝධතාවයේ නිරත පිරිස ගොනු කළ මෝසම මඟින් ඉල්ලා තිබුණේ ඊයේ නිකුත් කළ අධිකරණ ආඥාව ඉවත් කරන ලෙස හෝ එහි වෙනසක් සිදු කරන ලෙසයි.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk