2026-10-26 12:45:00 Hours

කෙහෙළිය ඇතුළු සිව්දෙනෙකුට විදෙස් ගමන් තහනමක්


...

ප්‍රමිතියෙන් තොර ඖෂධ ආනයනය කිරීමේ සිද්ධියට අදාළව නියම කළ වන්දි මුදල් සම්පූර්ණයෙන් ගෙවා අවසන් නොකළ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වගඋත්තරකරුවන් සිව්දෙනෙකු බැඳුම්කර මත මුදාහැරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

එමෙන්ම, ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කිරීමට ද අධිකරණය නියෝග කළ බව සඳහන්.

ඉකුත් රජය සමයේ ප්‍රමිතියෙන් තොර ඖෂධ ආනයනය කිරීමේ ක්‍රියාවලිය හරහා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය, ඊට වගකිව යුතු හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පස්දෙනෙකුට වන්දි ගෙවන ලෙස පසුගිය මාර්තු මාසයේදී නියම කළා.

එහිදී කෙහෙළිය රඹුක්වැල්ලට රුපියල් මිලියන 75ක වන්දි මුදලක් ගෙවීමට නියම කර තිබූ අතර, ඉන් රුපියල් මිලියන 20ක් ගෙවා ඇති බව ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දී තිබෙනවා.

නියම කළ වන්දි මුදල් ගෙවීම පැහැර හැරීමෙන් අධිකරණයට අපහාස කර ඇති බවට චෝදනා කරමින් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා සංවිධානය ගොනු කළ මෝසමක් සලකා බැලීමෙන් අනතුරුවයි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය ලබා දී තිබෙනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk