2026-10-26 11:59:00 Hours
අහංගම, කතළුව පාලම අසලදී බස් රථයක් සහ ටිපර් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් පස්දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
ගාල්ලේ සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක් සහ මාතර සිට ගාල්ල බලා ධාවනය වූ ටිපර් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බව සඳහන්.
අනතුරින් බස් රථයේ ගමන් ගත් සිව්දෙනෙකු සහ ටිපර් රථයේ රියදුරු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ, ටිපර් රථය වෙනත් වාහනයකට ඉස්සර කිරීමට යාමේදී ඉදිරියෙන් පැමිණි බස් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
අනතුර හේතුවෙන් ගාල්ල - මාතර ප්රධාන මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ද හටගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් අහංගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk