2026-10-26 12:36:00 Hours
මත්ද්රව්ය චෝදනාවක් සම්බන්ධයෙන් හෝමාගම පොලීසිය අත්අඩංගුවට ගෙන සිරමැදිරියේ රඳවා සිටි සැකකරුවෙකු රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ කිරිවත්තුඩුව ප්රදේශයේ පදිංචිව සිටි 29 හැවිරිදි දෙදරු පියෙකු වන ඉෂාර හර්ෂ කුමාර නමැති අයෙක්.
මියගිය පුද්ගලයාගේ ඥාතීන් චෝදනා කරන්නේ පොලිස් නිලධාරීන් විසින් සිදුකළ බව කියන පහරදීම් හේතුවෙන් ඔහු මියගොස් ඇති බවයි.
ඊයේ (25) උදෑසන සැකකරු බැලීම සඳහා ඥාතීන් පොලීසියට පැමිණි අවස්ථාවේදී ඔහුට පහරදී ඇති බවට ද ඔවුන් චෝදනා කරනවා.
පසුව ඥාතීන්ගේ ඉල්ලීම මත සැකකරු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති නමුත්, ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බවයි ඥාතීන් පවසන්නේ.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පොලිස් මාධ්ය ප්රකාශකවරයා සඳහන් කර ඇත්තේ වැටලීමක් අතරතුර හෝමාගම පොලීසියට රැගෙන ආ සැකකරු හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම මහේස්ත්රාත් අධිකරණය මගින් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.
එමෙන්ම, සිද්ධිය පිළිබඳ පුළුල් විමර්ශනයක් සඳහා හෝමාගම සහකාර පොලිස් අධිකාරිවරයාගේ ප්රධානත්වයෙන් විශේෂ මූලික පරීක්ෂණයක් ද ආරම්භ කර ඇති බව වාර්තා වනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk