2026-10-25 20:01:00 Hours

ඥානසාර හිමියන් වෙනුවෙන් පැවැති සත්‍යග්‍රහය තාවකාලිකව අත්හිටුවයි


...

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරගැනීම සඳහා ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් මැදිහත්වන බව දැනුම් දීම හේතුවෙන්, කොළඹ විහාරමහා දේවී උද්‍යාන පරිශ්‍රයේ පැවැති සත්‍යග්‍රහය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

සත්‍යග්‍රහයේ නිරත භික්ෂූන් වහන්සේ සමඟ අද (25) පස්වරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් මේ බව සඳහන් කළා.

“ත්‍රෛනිකායික මහනාහිමිපාණන් වහන්සේලා මේ කරුණු දෙස උපේක්ෂාවෙන් බලලා අපට නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. උන්වහන්සේලා ඥානසාර හාමුදුරුවෝ නිදහස් කර ගැනීමේ කටයුත්තට ආණ්ඩුවත් එක්ක මැදිහත්වන බවත් එතෙක් මේ විරෝධතා තාවකාලිකව අපිට ඉවත්කරගන්නා හැටියට දැනුම්දුන්නා. ශාසන භාරධාරීන් හැටියටත්, අපේ භාරධාරීන් හැටියටත් මේ සම්බුද්ධ ශාසනයේ භාරධූර කාර්යයන්ගේ භාරධාරීන් හැටියටත් කටයුතු කරන්නේ ත්‍රෛනිකායික මහානායක මහනාහිමිපාණන් වහන්සේලා. උන්වහන්සේලා ලිඛිතව අපට මේ දැනුවත්කිරීම සිදු කරලා තියෙනවා. අපි මහානායක හාමුදුරුවන්ට අවනත වෙනවා. අපි අද මෙතතිනින් තාවකාලිකව නිමා කරනවා”



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk