2026-10-25 16:44:00 Hours

කොක්ගල දුම්රිය අනතුරින් තුවාල ලැබූ ළමුන් සංඛ්‍යාව 10 දක්වා ඉහළට


...

හබරාදූව, කොක්ගල ප්‍රදේශයේදී බස් රථයක් දුම්රියක ගැටීමෙන් සිදුවූ අනතුරින් තුවාල ලැබූ ළමුන් සංඛ්‍යාව 10 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අද (25) දහවල් සිදුවූ මෙම අනතුරින් තුවාල ලැබූ ළමුන් ප්‍රතිකාර සඳහා කරාපිටිය සහ උණවටුන රෝහල්වලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

බෙලිඅත්තේ සිට මරදාන බලා ධාවනය වූ දුම්රියක බස් රථයේ පසුපස කොටස ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

කොට්ටාව ප්‍රදේශයේ සිට උපකාරක පන්ති ගුරුවරුන් සහ දෙමාපියන් සමඟ ළමුන් පිරිසක් කොක්ගල පිහිටි මාටින් වික්‍රමසිංහ අනුස්මරණ කෞතුකාගාරය නැරඹීමට ගොස් යළි පැමිණෙමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇති බවයි වාර්තා වන්නේ.

පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ උපකාරක පන්ති ගුරුවරුන් 14 දෙනෙකු, දෙමාපියන් හයදෙනෙකු සහ ළමුන් 41 දෙනෙකු සිට ඇති බවයි.

එම ළමුන් අවුරුදු 14 සහ 15 වයස්වල පසුවන අය බව ද සඳහන්.

අනතුර සිදුවූ දුම්රිය හරස් මාර්ගයේ ආරක්ෂිත ගේට්ටු නොමැති අතර, එය විදුලි ආලෝක සංඥා සහ සීනු ආධාරයෙන් ක්‍රියාත්මක වන ස්ථානයක් බව ද වාර්තා වනවා.

මේ අතර, අනතුර සම්බන්ධයෙන් බස් රථයේ වයස අවුරුදු 40ක් වන රියැදුරු සහ 21 හැවිරිදි කොන්දොස්තරවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් හබරාදූව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk