2026-10-12 18:25:00 Hours

චාමර සම්පත් ලබන 23 දක්වා රිමාන්ඩ්


...

අල්ලස් ලබාගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දිසානායක මහතා ලබන ඔක්තෝබර් 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ සැකකරුගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කළා.

චාමර සම්පත් දිසානායක මහතා ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ පොස්පේට් අපනයන බලපත්‍ර ලබාදීම සඳහා පෞද්ගලික සමාගම් දෙකකින් රුපියල් ලක්ෂ 81ක අල්ලසක් ලබාගත් බවට එල්ල වූ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අද (12) පෙරවරුවේ ඔහු අත්අඩංගුවට ගනු ලැබුවා.

අනතුරුව ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමටයි පියවර ගෙන තිබුණේ.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk