2026-10-12 16:29:00 Hours
වැලිකඩ බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු ජනාධිපති ආර්යාව ශිරන්ති රාජපක්ෂ මහත්මිය කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට ඇතුළත් කර තිබෙනවා.
බන්ධනාගාර වෛද්‍ය නිර්දේශ මත ඇය මෙලෙස රෝහල්ගත කිරීමට පියවර ගත් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සහ බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලේතැන්න මහතා සඳහන් කළා.
මේ අතර, පසුගිය 07 වැනිදා ශිරන්ති රාජපක්ෂ මහත්මිය රක්ෂිත බන්ධනාගාරගත කළ අවස්ථාවේදී වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඇය කොළඹ පෞද්ගලික රෝහලකට යොමු කිරීමට පියවර ගන්නා ලෙස අතිරේක මහේස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න මහත්මිය බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කර තිබුණා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk