2026-10-12 10:00:00 Hours

පොල්ගහවෙල - පේරාදෙණිය අතර ධාවනයට අද සිට නව දුම්රියක්


...

පොල්ගහවෙල සහ පේරාදෙණිය අතර ගමන් කරන පාසල් සිසුන්ගේ සහ අනෙකුත් මගීන්ගේ පහසුව සඳහා නව දුම්රියක් අද (12) සිට ධාවනයට එක් කර තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දිට්වා සුළි කුණාටුවෙන් පසු පසුගිය 02 වැනිදා සිට උඩරට දුම්රිය මාර්ගයේ රඹුක්කන සහ ගම්පොළ අතර දුම්රිය ධාවනය යළි ආරම්භ කර මේ වනවිට සාමාන්‍ය පරිදි සිදුකරන බැවින් මෙම පියවර ගත් බවයි.

ඒ අනුව පොල්ගහවෙල සිට පේරාදෙණිය දක්වා ගමන් කරන පාසල් සිසුන්ට සහ අනෙකුත් මගීන්ට පහසුකම් සැලසීම සඳහා මෙම දුම්රිය දිනපතා ධාවනය කිරීමට සැලසුම් කර තිබෙනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk