2026-11-03 08:38:00 Hours

පුනරින් මාර්ග බාධකයේදී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගනී


...

යාපනය - මන්නාරම මාර්ගයේ පුනරින් විදුහල ආසන්නයේ මාර්ග බාධක රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා.

සැකකටයුතු යතුරුපැදි දෙකක් පරීක්ෂා කිරීමට නවත්වන ලෙස පොලිස් නිලධාරීන් සංඥා කර ඇති අතර, එම අවස්ථාවේදී එක් යතුරුපැදිකරුවෙකු සන්තකයේ තිබූ පාර්සලයක් අතහැර දමා යතුරුපැදි දෙකම නොනවත්වා ධාවනය කර පලාගොස් ඇත.

අනතුරුව පොලිස් නිලධාරීන් අදාළ පාර්සලය පරීක්ෂා කිරීමේදී එහි තිබූ කුඩා පාර්සල් 14ක් තුළ සඟවා තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 13යි ග්‍රෑම් 340ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 62ක් සොයාගෙන තිබෙනවා.

පලාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පුනරින් පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බව සඳහන්.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk