2026-11-03 09:20:00 Hours

අද සිට 6 වැනිදා දක්වා පාර්ලිමේන්තුව රැස්වෙයි


...

අද (03) සිට ලබන 6 වැනිදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව තිබෙනවා.

ඒ අනුව, 1983 කළු ජූලි ඛේදවාචකය සහ එහි බලපෑම පිළිබඳ පූර්ණ අධ්‍යයනයක් සිදුකර වාර්තා කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කිරීමට අදාළ යෝජනාව අද (03) අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතයි.

ජාතික සහජීවනය තහවුරු කිරීම සහ එම සිදුවීමෙන් පීඩාවට පත් පිරිසට සහන සැලසීම සම්බන්ධයෙන් යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීම ද මෙම විශේෂ කාරක සභාවේ කාර්යභාරයට ඇතුළත් වනවා.

මීට අමතරව, මැදපෙරදිග යුදමය වාතාවරණයෙන් මෙරටට සිදුව ඇති බලපෑම පිළිබඳ සභාව කල්තැබීමේ විවාදයක් අද පෙරවරු 11.30 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වීමට නියමිතව තිබේ. එම විවාදය ආණ්ඩු පක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබනවා.

මේ අතර, කථානායකවරයාට එරෙහිව විපක්ෂය භාරදුන් විශ්වාසභංග යෝජනාවේ ඇතැම් කරුණු පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුව සංශෝධනය කර නැවත ඉදිරිපත් කරන ලෙස දැනුම් දී තිබුණ ද, එවැනි සංශෝධිත යෝජනාවක් මෙතෙක් ඉදිරිපත් කර නොමැති බව වාර්තා වනවා.

ඒ හේතුවෙන් පෙර තීරණය කර තිබූ පරිදි අදාළ විශ්වාසභංග යෝජනාව අද (03) විවාදයට නොගැනෙන බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk