2026-11-03 14:35:00 Hours
ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇප මත මුදා හැරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (03) නියෝග කර තිබෙනවා.
නාමල් රාජපක්ෂ මහතාගේ මව සහ පියා දැඩි ලෙස අසනීප තත්ත්වයෙන් පසුවන බැවින් එය සුවිශේෂී කරුණක් ලෙස සලකා ඇප ලබාදෙන ලෙස ඔහුගේ නීතිඥවරු පසුගියදා අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණා.
කෙසේ වෙතත්, එම ඇප ඉල්ලීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විරෝධය පළ කළා.
දෙපාර්ශ්වය ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා මෙම නියෝගය ප්‍රකාශයට පත් කරනු ලැබුවා.
කොළඹ ට්‍රාන්ස්වර්ක් චතුරස්රයේ පිහිටි ඉඩමක් ඉන්දියානු ක්‍රිෂ් සමාගමට බහුකාර්ය ව්‍යාපෘතියක් සඳහා ලබාදීමේ කටයුතු ඉටුකර දීම වෙනුවෙන් රුපියල් මිලියන 70ක අල්ලසක් ලබාගත් බවට සැකපිට නාමල් රාජපක්ෂ මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk