2026-11-03 19:24:00 Hours
ආනයනික සහල් වර්ග දෙකක් සඳහා කිලෝග්රෑමයකට පනවා තිබූ රුපියල් 65ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉවත් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව කැකුළු සහල් (Raw Rice) සහ තම්බන ලද සහල් (Parboiled Rice) යන කාණ්ඩවලට අයත් නිශ්චිත HS කේත දෙකක් සඳහා පනවා තිබූ බද්ද අද (03) සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර ඇත.
මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයක් මගින් මෙම තීරණය ප්‍රකාශයට පත් කර තිබෙනවා.
2007 අංක 48 දරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනතේ 2 වැනි වගන්තිය යටතේ මෙම නියෝගය නිකුත් කර ඇත.
මීට පෙර 2025 දෙසැම්බර් 31 වැනිදා නිකුත් කළ අංක 2469/12 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් පොතු ඉවත් කළ දුඹුරු සහල්, කැකුළු සහල් සහ තම්බන ලද සහල් සඳහා කිලෝග්රෑමයකට රුපියල් 65ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පනවා තිබුණා.
කෙසේ වෙතත්, නව ගැසට් නිවේදනය මගින් එම සහල් වර්ග අතරින් කැකුළු සහල් සහ තම්බන ලද සහල් සඳහා පනවා තිබූ බද්ද පමණක් ඉවත් කර ඇති බව සඳහන්.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk