2026-11-09 15:18:00 Hours
අනුරාධපුර පූජා භූමියේ සත්‍යග්‍රහයක නිරතව සිටින බලංගොඩ කස්සප හිමියන් සමඟ සිටියදී පොලිස් රාජකාරියට බාධා කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු හෙරොයින් සහ ගංජා භාවිත කර සිටි බවට සිදුකළ පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බලදුර රංගිරියලාගේ ප්‍රසාද් සුසන්ත ජයසිරි නොහොත් දහම් ප්‍රසාද් නමැති පුද්ගලයායි.
පසුගියදා අනුරාධපුර රුවන්වැලි මහා සෑය අසල පොලිසිය සහ භික්ෂූන් වහන්සේලා අතර ඇති වූ නොසන්සුන්කාරී සිද්ධිය සම්බන්ධයෙන් සිවිල් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණා.
අනුරාධපුර පූජා නගර සැලැස්මට විරෝධය පළ කරමින් පැවැත්වූ සත්‍යග්‍රහයේ නිරත භික්ෂූන් වහන්සේලා සහ ඊට සහාය දැක්වූ සිවිල් පිරිස එම ස්ථානයෙන් ඉවත් කිරීමට පොලිසිය උත්සාහ කිරීමත් සමඟ මෙම නොසන්සුන්කාරී තත්ත්වය හටගෙන තිබූ අතර, පසුව එය ගැටුමක් දක්වා වර්ධනය වී තිබුණා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk