2026-11-09 10:29:00 Hours
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දිවයින පුරා සේවයේ නිරත සංවර්ධන නිලධාරීන් අද (09) ලෙඩ නිවාඩු වාර්තා කරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට නියමිතව තිබෙනවා.
සමස්ත ලංකා සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් නීතිඥ අනුරාධ සෙනවිරත්න මහතා සඳහන් කළේ, මෙම ක්‍රියාමාර්ගය හේතුවෙන් රාජ්‍ය ආයතන රැසක අභ්‍යන්තර කටයුතුවලට බාධා එල්ල විය හැකි බවයි.
අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, පළාත් සභා, ගිණුම් හා ඉඩම් අංශ, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කාර්යාල සහ ආගමන විගමන කාර්යාල ඇතුළු රාජ්‍ය ආයතන රැසක කටයුතු සඳහා සංවර්ධන නිලධාරීන්ගේ දායකත්වය ලැබෙන බැවින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් එම කටයුතු අඩාල විය හැකි බවද ඔහු පෙන්වා දුන්නා.
උතුරු හා නැගෙනහිර පළාත් ඇතුළු පළාත් සභා නවය නියෝජනය කරන වෘත්තීය සමිති මෙන්ම මධ්‍යම රජයේ වෘත්තීය සමිති රැසක්ද මෙම ක්‍රියාමාර්ගයට එක්ව සිටිනවා.
වෘත්තීය සමිති 12ක එකතුවකින් මෙම ක්‍රියාමාර්ගය සංවිධානය කර ඇති බවයි අනුරාධ සෙනවිරත්න මහතා සඳහන් කළේ.
තම ඉල්ලීම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරිය සහ විෂයභාර අමාත්‍යවරුන්ගේ අවධානය යොමු කරවා ගැනීම සඳහා මේ වනවිට සාකච්ඡා කරමින් සිටින බවද ඔහු පැවසුවා.
ඒ අනුව රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යවරයා සමඟද සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව සඳහන්.
කෙසේ වෙතත්, සිය ඉල්ලීම් සඳහා බලධාරීන්ගෙන් නිසි අවධානයක් යොමු නොවන්නේ නම් ඉදිරියේදී මීට වඩා දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට එළඹීමට සූදානම් බවද සංගමයේ ප්‍රධාන ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
''මේ රටේ අමාත්‍යාංශවල, දෙපාර්තමේන්තුවල, පළාත් සභාවල, ගිණුම් අංශවල, ඉඩම් අංශවල, ඒ වගේම පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ (අයි.ඩී.) කාර්යාලවල සහ ආගමන විගමන කාර්යාලවල අභ්‍යන්තර කටයුතුවලින් විශාල කොටසක් සංවර්ධන නිලධාරීන් විසින් තමයි ඉටු කරනු ලබන්නේ.
ඒ අනුව සංවර්ධන නිලධාරීන් සේවයට වාර්තා නොකිරීමත් සමඟ මෙම සියලු කටයුතු අඩාල වෙනවා.
අපි මෙම ක්‍රියාමාර්ගයට එක්ව සිටින්නේ වෘත්තීය සමිති 12කින් සමන්විත සන්ධානයක් ලෙසයි.
උතුරු හා නැගෙනහිර පළාත් ඇතුළු පළාත් සභා නවය නියෝජනය කරන වෘත්තීය සමිති මෙන්ම මධ්‍යම රජය නියෝජනය කරන තවත් වෘත්තීය සමිති ගණනාවක්ද ඊට ඇතුළත් වෙනවා.
මේ සම්බන්ධයෙන් අපි මේ වන විට සාකච්ඡා කරමින් සිටිනවා. නැවත වතාවක් ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යතුමිය සහ අදාළ විෂයභාර අමාත්‍යවරුන් වන රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍යවරයා සමඟ මේ පිළිබඳව සාකච්ඡා කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.
එම සාකච්ඡා සඳහා සාධාරණ අවස්ථාවක් ලබා නොදෙන්නේ නම් ඉදිරියේදී තවදුරටත් ප්‍රබල වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට එළඹීමට අපි සූදානම්. ඒ සඳහා අවශ්‍ය කටයුතු මේ වන විටත් සූදානම් කරමින් සිටිනවා.''
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk