2026-11-09 18:25:00 Hours
සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් චීවරය සහිතව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබෙනවා.
වෛද්‍යවරයෙකු වන බී. ඒ. රත්නපාල මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති බව සඳහන්.
අදාළ පෙත්සම විභාග කර අවසන් තීන්දුවක් ලබාදෙන තෙක් ඥානසාර හිමියන් ගිහි ඇඳුමින් හෝ බන්ධනාගාර ඇඳුමින් සැරසී, මාංචු සහිතව මාධ්‍යයට හෝ මහජනතාවට ප්‍රදර්ශනය කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ද එමඟින් ඉල්ලා තිබෙනවා.
මීට අමතරව, බන්ධනාගාර රීතිවල 156(2) වගන්තියෙන් අවසර දී ඇති සීමාව ඉක්මවා උන්වහන්සේගේ ඡායාරූප ගැනීම, වීඩියෝගත කිරීම, ඒවා සංසරණය කිරීම හෝ බෙදාහැරීම මෙන්ම එවැනි කටයුතු සඳහා අවසර ලබාදීම ද වළක්වන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසයි පෙත්සම්කරු ඉල්ලා ඇත්තේ.
මේ අතර පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නැවත සිවුරු පෙරවීම සම්බන්ධයෙන් සියම් මහා නිකායේ කෝට්ටේ පාර්ශ්වයේ මහානායක ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහානායක ස්වාමීන් වහන්සේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.
එම ලිපියෙන් උන්වහන්සේ දැනුම් දී ඇත්තේ ඥානසාර හිමියන්ට නැවත සිවුරු පෙරවීම සඳහා ධර්ම විනයානුකූලව කටයුතු කළ යුතු බවයි.
ඒ අනුව, උන්වහන්සේ ඇතුළු දස නමකගෙන් සමන්විත සංඝ සභා නියෝජිත පිරිසක් බන්ධනාගාරය වෙත පැමිණීමට නියමිත බැවින්, ඒ සඳහා අවශ්‍ය පහසුකම් සූදානම් කර ඒ පිළිබඳව දැනුම් දෙන ලෙස ද මහානායක හිමියන් ඉල්ලා තිබෙනවා.
එම කටයුතු සිදුකිරීම සඳහා සුදුසු දිනයක් සහ වේලාවක් ලබාදෙන ලෙස ද ලිපියෙන් දැනුම් දී ඇති අතර, එහි පිටපතක් බන්ධනාගාර අධිකාරිවරයා වෙත ද යොමුකර තිබෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk