2026-11-09 18:54:00 Hours

දිස්ත්‍රික්ක 9කට නායයෑමේ අනතුරු ඇඟවීම්


...

පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 9කට අදියර 1 සහ 2 යටතේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, අදියර 2 යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර, කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල්දණ්ඩාහින්න, වලපනේ සහ අඹගමුව කෝරළේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

මීට අමතරව, මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ, ඇලපාත, අයගම සහ වැලිගෙපොළ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ද අදියර 1 යටතේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි එම සංවිධානය සඳහන් කළේ.

එමෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයේ මීගහකිවුල, කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක සහ සීතාවක, ගාල්ල දිස්ත්‍රික්කයේ තවලම, ඇල්පිටිය සහ කරන්දෙණිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ද අදියර 1 යටතේ අනතුරු ඇඟවීම් බලාත්මක වනවා.

කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට, පාලින්දනුවර, ඉංගිරිය සහ බුලත්සිංහල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත්, මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවර, තුම්පනේ, මිණිපේ සහ යටිනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් මෙම අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක, යටියන්තොට, බුලත්කොහුපිටිය, මාවනැල්ල, රුවන්වැල්ල, කෑගල්ල සහ වරකාපොළ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ද අදියර 1 යටතේ විමසිලිමත්ව සිටින ලෙස දැනුම් දී ඇති බව සඳහන්.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ මතුරට, කොත්මලේ බටහිර, කොත්මලේ නැගෙනහිර සහ හඟුරන්කෙත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත්, මොනරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ගොඩකවෙල, කොලොන්න, බලංගොඩ සහ රත්නපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් අදියර 1 යටතේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk