2026-11-09 09:05 Hours

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් අද යළි විභාගයට


...

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් අද (09) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ යළි විභාගයට ගැනීමට නියමිතව තිබෙනවා.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙන්ගප්පුලි සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පැවැත්වීමට නියමිතයි.

මීට පෙර මෙම පෙත්සම් කැඳවූ අවස්ථාවේදී අදාළ පනත් කෙටුම්පතට යෝජිත සංශෝධන ඇත්නම් ඒවා ලිඛිත දේශන මගින් ඉදිරිපත් කරන ලෙස අධිකරණය පෙත්සම්කාර පාර්ශ්වයට දැනුම් දී තිබුණා.

ඒ අනුව පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරුන් විසින් අදාළ ලිඛිත දේශන පසුගිය බ්‍රහස්පතින්දා අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව අද දෙවැනි දිනටත් පෙත්සම් විභාගය ආරම්භ කිරීමට නියමිත අතර, අදාළ පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම් සංඛ්‍යාව 26ක්.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk