2026-08-17 21:52 Hours

සාකච්ඡාවලට බාධා කළොත් ඕමානයටත් බෝම්බ දානවා - ඩොනල්ඩ් ට්‍රම්ප්


...

හෝමුස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් ඉරානය සමඟ සිදුකරන සාකච්ඡාවලට ඕමානය බාධා කළහොත් එරටට දැවැන්ත බෝම්බ ප්‍රහාර එල්ල කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබෙනවා.

ෆොක්ස් නිව්ස් මාධ්‍යවේදීන් සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ට්‍රම්ප් මේ බව ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

හෝමුස් සමුද්‍ර සන්ධියේ නෞකා ගමනාගමනය සම්බන්ධයෙන් ඉරානය සහ ඕමානය අතර වෙනම සාකච්ඡා පැවැත්වෙන අතර, අමෙරිකාවද ඉරානය සමඟ ඒ සම්බන්ධයෙන් වෙනම සාකච්ඡාවල නිරතව සිටින බව සඳහන්.

එම සාකච්ඡා සඳහා ඕමානය මැදිහත්වී බාධා කළහොත් දැඩි ප්‍රතිචාරයක් දක්වන බවයි ජනාධිපති ට්‍රම්ප් අවධාරණය කර ඇත්තේ.

විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ හෝමුස් සමුද්‍ර සන්ධිය ලෝකයේ ප්‍රධානතම බලශක්ති ප්‍රවාහන මාර්ගයක් වන අතර, එහි නෞකා ගමනාගමනයට සිදුවන ඕනෑම බාධාවක් ජාත්‍යන්තර බලශක්ති වෙළඳපොළට සැලකිය යුතු බලපෑමක් එල්ල කළ හැකි බවයි.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk