2026-08-17 20:56:00 Hours
අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමට අදාළ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත හෙට (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව අදාළ පනත් කෙටුම්පත මේ වනවිට පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇති අතර, එය අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානයක්කාර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම මෙම පනත් කෙටුම්පත මගින් සිදුකිරීමට අපේක්ෂිතයි.
අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමට රජය ගත් තීරණයට ත්‍රෛනිකායික මහානායක හිමිපාණන් වහන්සේ, ශ්‍රී ලංකා නීතිඥ සංගමය, විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ ජාත්‍යන්තර සංවිධාන කිහිපයක්ද මීට පෙර විරෝධය පළකර තිබුණා.
එම විරෝධතා මධ්‍යයේ අදාළ ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පසුගිය 7 වැනිදා ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට රජය කටයුතු කළා.
මේ අතර, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේදී අභියෝග කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව දින 14ක කාලයක් හිමිවනවා.
එවැනි පෙත්සමක් ඉදිරිපත් වුවහොත් එය විභාග කිරීමෙන් අනතුරුව දින 3ත් 21ත් අතර කාලයක් තුළ සිය තීරණය පාර්ලිමේන්තුවට දැනුම්දීමට ශ්‍රේෂ්ඨාධිකරණයට සිදුවනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk