2026-08-17 21:03:00 Hours
මෙම වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 92,254 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නවතම දත්ත අනුව අගෝස්තු මාසයේදී පමණක් ඩෙංගු රෝගීන් 6,914 දෙනෙකු වාර්තා වී ඇති බව සඳහන්.
වසරේ මේ දක්වා වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර, එම සංඛ්‍යාව 19,671ක්.
කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 18,289ක්, මහනුවරින් 6,635ක් සහ මාතරින් 6,040ක් වාර්තා වී තිබෙනවා.
එමෙන්ම කළුතරින් රෝගීන් 5,964ක්, ගාල්ලෙන් 5,063ක් සහ රත්නපුරයෙන් 4,946ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරනවා.
මේ අතර, මෙම වසරේ මේ දක්වා ඩෙංගු රෝගය හේතුවෙන් පුද්ගලයින් 68 දෙනෙකු මියගොස් ඇති බවද එම ඒකකය වැඩිදුරටත් පැවසුවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk