2026-08-18 09:14:00 Hours
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජනාත් සිං මෙරට නිල සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ අදාළ සංචාරය සැප්තැම්බර් මස පළමු සතිය තුළ සිදුවනු ඇති බවයි.
ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව කොළඹ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සහ ආරක්ෂක අමාත්‍යාංශය අතර සාකච්ඡාවක් ද පසුගියදා පවත්වා තිබෙනවා.
මෙම සංචාරය අතරවාරයේ දී ඒ මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු රජයේ ඉහළ පෙළේ නියෝජිතයින් සමඟ ද්වී පාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිත බව වාර්තා වනවා.
දෙරට අතර ඒකාබද්ධ මෙහෙයුම්, පුහුණු වැඩසටහන්, කලාපීය ආරක්ෂක ගැටළු සම්බන්ධ ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයාගේ මෙම සංචාරයේ දී අවධානය යොමු වනු ඇති.
2023 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ දී ද ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජනාත් සිං මෙරට සංචාරයක නිරත වීමට නියමිතව තිබූ අතර එය පසුව අවලංගු කරනු ලැබුවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk