2026-08-17 14:49:00 Hours
අමෙරිකානු ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් නීතිවිරෝධී ලෙස විදෙස් රටවලට යොමු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රධාන පෙළේ පෞද්ගලික බැංකු හතරක කළමනාකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇති අතර, ඔවුන් අදාළ බැංකු පරිශ්‍ර තුළදීම අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
මෙවැනි සිද්ධියක් සම්බන්ධයෙන් බැංකු කළමනාකරුවන් අත්අඩංගුවට ගැනුණු පළමු අවස්ථාව මෙය බව පොලිසිය පවසනවා.
විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, අදාළ මුදල් ජාවාරම මෙහෙයවූ ප්‍රධාන පුද්ගලයා විසින් එම බැංකු නිලධාරීන් සිව්දෙනාට සතිපතා මුදල් ලබාදී ඇති බවයි.
එහිදී එක් එක් නිලධාරියාට සතියකට රුපියල් 30,000, රුපියල් 50,000 සහ රුපියල් ලක්ෂයක පමණ මුදල් අවස්ථා කිහිපයකදී ලබාදී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.
එමෙන්ම අත්අඩංගුවට ගත් බැංකු කළමනාකරුවන්ගෙන් එක් අයෙකුට එක් අවස්ථාවකදී රුපියල් ලක්ෂ 10ක පමණ මුදලක් ලබාදී ඇති බවද විමර්ශනවලදී හෙළිව ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk