2026-08-09 17:09 Hours

ඩෙංගු රෝගීන්ගේ ගණන 90000 සීමාවට ළඟා වෙයි


...

මෙරටින් වාර්තාවන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 90,000 සීමාවට ආසන්න වී තිබෙනවා.

ජාතික ඩෙංගු මර්දන ඒකකය අද (09) නිකුත් කළ නවතම දත්ත අනුව මේ වසරේ මේ දක්වා වාර්තාවී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 89,395ක්.

ඊයේ (08) දක්වා වාර්තාවී ඇති දත්ත අනුව ඩෙංගු මරණ සංඛ්‍යාවද 65ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙම වසරේ ගතවූ මාස හයක කාලය තුළ වාර්තාවූ සමස්ත රෝගීන්ගෙන් අඩකටත් වැඩි පිරිසක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති අතර, එම සංඛ්‍යාව 47,310ක්. එය සමස්ත රෝගීන්ගෙන් සියයට 52.92ක්.

දිස්ත්‍රික් මට්ටමින් තවදුරටත් වැඩිම ඩෙංගු බලපෑමක් එල්ල වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයට වන අතර, එම දිස්ත්‍රික්කයෙන් වාර්තාවී ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 19,007ක්.

කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 17,725ක් වාර්තා වී ඇති අතර, තෙවැනියට වැඩිම රෝගීන් සංඛ්‍යාවක් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා. එම සංඛ්‍යාව 6,341ක්.

මේ අතර, මෙම වසරේ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවී ඇත්තේ පසුගිය ජූලි මාසයේදී වන අතර, එම සංඛ්‍යාව 29,973ක්.

කෙසේ වෙතත්, අගෝස්තු මාසයේ ගතවූ පළමු දින 8 තුළ පමණක් ඩෙංගු රෝගීන් 4,048ක් වාර්තා වී තිබෙනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk