2026-08-07 07:02:00 Hours
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ නොසන්සුන්තාව මේ වන විට සම්පුර්ණයෙන්ම පාලනය කිරීමට බන්ධනාගාර බලධාරීන් සමත්ව තිබෙනවා.
අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පැවසුවේ සිද්ධියට මුල් වූ බවට සැක කෙරෙන රැඳවියන් 10 දෙනෙක් පමණ මේ වන විට වෙනත් බන්ධනාගාර වෙත මාරු කිරීමට පියවර ගෙන ඇති බවයි.
බන්ධනාගාරයේ තාප්පයට ඉහළින් ඇතුළට විසි කළ කුඩා පාර්සලයක් බන්ධනාගාර නිලධාරියෙකු භාරයට ගැනීම සමඟ රැඳවියන් පිරිසක් කලහකාරී ලෙස හැසිරී ඇති බව වාර්තා වනවා.
ඉන්පසුව සිරමැදිරියක අගුළු කඩාගෙන රැඳවියන් 40කට අධික පිරිසක් පිටතට පැමිණ තිබුණා.
එහිදී වහා ක්‍රියාත්මක වූ බන්ධනාගාර නිලධාරීන්, පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් එක්ව තත්ත්වය පාලනය කර ඔවුන් නැවත සිරකුටි වෙත යොමු කිරීමට පියවර ගෙන තිබුණා.
මේ වන විට බන්ධනාගාර පරිශ්‍රයේ සහ අවට ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් ද යොදවා ඇති බව සඳහන්.
ඊට අමතරව තත්ත්වය පරික්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඩ්‍රෝන යානාද භාවිත කර තිබෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk