2026-08-04 08:03:00 Hours

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමට අදාළ කෙටුම්පතට කැබිනට් අනුමැතිය


...

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම ඇතුළත් නව ව්‍යවස්ථාව සංශෝධන පනත් කෙටුම්පතට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඊයේ (03) පෞද්ගලික නාලිකාව දේශපාලන වැඩසටහනකට එක්වෙමින් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා සදහන් කළේ අදාළ ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි.

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස අවුරුදු 2කින් දීර්ඝ කිරීම, අභියාචනාධිකරණ සහ මහාධිකරණවල විනිසුරුවන්ගේ ගණන ඉහළ නැංවීම සහ අගවිනිසුරුවරයාගේ ධූර කාලය වසර 6කට සීමා කිරීම යන යෝජනා එම කෙටුම්පතට ඇතුළත් වනු ඇති.

පනත් කෙටුම්පත ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ඒ සම්බන්ධව අධිකරණයට පෙත්සම් ගොනු කිරීමේ හැකියාවක් පවතින බවද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.

"අද දිනයේදී මේක තමයි අපි පොඩ්ඩක් ඉස්මතු කරගන්න ඕනේ. ව්‍යවස්ථා සංශෝධනය පමණක් නෙමෙයි. මොකද අපි මේ තියෙන සංශෝධනයෙන් කරුණු කිහිපයක් කරනවා. එකක් තමයි සියලු විනිශ්චයකාරවරුන්ගේ වයස් සීමාව දීර්ඝ කිරීම. ව්‍යවස්ථා සංශෝධනය එන්නේ එකෙයි, කෝට් එකේ කට්ටියගේ වයස වැඩි කිරීමේදී. අනිත් එකට අපි අධිකරණ සංවිධාන පනත තමයි සංශෝධනය කරලා තියෙන්නේ.

ඊට අමතරව නඩුකාරතුමන්ලාගේ සංඛ්‍යාව වැඩි කරනවා. මහධිකරණය එකෙත් අපි වැඩි කරන්න ඒ සංශෝධනේම දාලා තිබෙනවා. ඒක අපි කතා කරපු නැති දෙයක් තමයි අපි මෙතන කල්පනා කරා අගවිණිසුරු වීමේදී අවුරුදු හයක උපරිම කාලයකට යටත් කරන්න ඕනෙයි කියලා. මේක ඇත්තටම අපි ඒ කෑල්ල අපිට එන්නෙම අර දෙදාස් දාසයේ නීතිඥ සංගමය විසින් කරපු යෝජනාවලියේ තියෙන කොටසක් වශයෙන් අපි ඒක ගත්තේ. ඒක අවුරුදු හයකට සීමා වෙනවා.

ඒ කියන්නේ එක්කෝ හැට හතයි. එක්කෝ එක්කෝ වසර හය සම්පූර්ණයෙන්ම කියන සංශෝධන අද ගෙනාවා. අද ඒක අපි කැබිනට් එකට ඉදිරිපත් කරලා ගැසට් පත්‍රයේ භාෂා තුනම ඉදිරිපත් කරලා, ගැසට් පත්‍රයේ පල කරන්න තමයි අවසර ඉල්ලන්නේ. ඉතින් ඒක ගැසට් පත්‍රය පල කරයින් පස්සේ මම හිතන්නේ සතියක් පමණ ගැසට් පත්‍රෙය් තියෙන්න ඕනේ. ඊට පස්සේ සති දෙකක් පමණ පාර්ලිමේන්තු ඕඩර් පේපර් එකේ තියෙන්ඩ ඕන. සති තුනක වගේ කාලයක් තිබෙනවා.

ඒ කාලය තුළ මං හිතන්නේ මේකට අභියෝග කරනවා නං මේකේ තියෙන වරදක් ප්‍රශ්නයක් තියෙනවා නං, මහජන කතිකාවක් තියෙනවා නං මේක ඇති කර ගන්න පුළුවන්. එතකොට මා හිතනවා බොහෝ වෙලාවට මේකට නඩු පැවරේවි. එහෙම වුණොත් ඒක ඔය මාස තුන තව මාසයක් දක්වා කාලය දීර්ඝ වෙන්න පුළුවන් මාස එකහමාරක් උනත් යන්න පුළුවන්. මොකද මාසයක් අධිකරණයෙන් දෙන්න ඕන."



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk