2026-08-01 10:34:00 Hours
කැලිෆෝනියාහි සැන් ඩියාගෝ හමුදා කඳවුර ආසන්නයේ දී අමෙරිකානු ප්‍රහාරක ජෙට් යානයක් අනතුරට ලක්ව තිබෙනවා.
යානය කඩා වැටීමට පෙර නියමුවා ආරක්ෂිතව ඉන් ඉවතට පැන ඇති බව වාර්තා වනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔහු සුළු තුවාල සහිතව රෝහල්ගත කර ප්‍රතිකාර ලබන බවයි.
F-35B වර්ගයේ ප්‍රහාරක ජෙට් යානයක් මෙලෙස කඩා වැටී ඇති බව වාර්තා වනවා.
අනතුර හේතුවෙන් ඒ අවට වනාන්තර ප්‍රදේශයේ ගින්නක් ද හටගෙන තිබෙනවා.
අනතුරට හේතුව මෙතෙක් වාර්තා නැහැ.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk