2026-08-08 11:10:00 Hours
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හෙට (09) දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,723කදී පැවැත්වීමට නියමිතයි.
විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (08) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළා.
මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා සිසුන් 294,089 දෙනෙකු පෙනී සිටීමට නියමිත අතර, ඉන් 220,366 දෙනෙකු සිංහල මාධ්‍යයෙන්ද, 73,723 දෙනෙකු දෙමළ මාධ්‍යයෙන්ද විභාගයට පෙනී සිටිනවා.
විභාගයට අදාළ උපකාරක පන්ති අගෝස්තු 05 මධ්‍යම රාත්‍රියෙන් අවසන් වූ අතර, විභාගය අවසන් වනතුරු ශිෂ්‍යත්ව විභාගයට අදාළ ප්‍රචාරණ කටයුතු මුද්‍රිත හෝ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ සිදු කිරීම සම්පූර්ණයෙන් තහනම් බව විභාග කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කළා.
එමෙන්ම විභාග මධ්‍යස්ථාන තුළට දෙමාපියන්ට ඇතුළුවීමට අවසර නොමැති බවද ඇය පැවසුවා.
දරුවන්ට මානසික ඒකාග්‍රතාව පවත්වා ගනිමින් විභාගයට සාර්ථකව මුහුණදීම සඳහා විභාගය ආරම්භ වීමට පැයකට පෙර විභාග මධ්‍යස්ථානය වෙත පැමිණෙන ලෙසද විභාග දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.
පළමුව දෙවන ප්‍රශ්න පත්‍රය පෙරවරු 9.30 සිට 10.45 දක්වා පැවැත්වෙන අතර, කෙටි විවේකයකින් අනතුරුව පළමු ප්‍රශ්න පත්‍රය පෙරවරු 11.15 සිට දහවල් 12.15 දක්වා පැවැත්වීමට නියමිතයි.
ප්‍රශ්න පත්‍රයේ උපදෙස් හොඳින් කියවා, විභාග අංකය නිවැරදිව සඳහන් කර පැහැදිලි අත්අකුරින් පිළිතුරු සපයන ලෙසද සිසුන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
එමෙන්ම ජංගම දුරකථන, ස්මාර්ට් අත්ඔරලෝසු, සටහන් ඇතුළු කිසිදු ඉලෙක්ට්‍රොනික උපකරණයක් විභාග ශාලාවට රැගෙන නොයන ලෙසද විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk