2026-08-06 09:13:00 Hours
2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත යටතේ මහජනතාවට ලබාදී ඇති වත්කම් හා බැරකම් ප්‍රකාශ වෙත ප්‍රවේශය සීමා කිරීමට යෝජනා කර ඇති සංශෝධන ඉදිරිපත් නොකරන ලෙස ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා (TISL) රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
එම සංවිධානය පෙන්වා දෙන්නේ රාජ්‍ය නිලධාරීන්ගේ වගවීම, විනිවිදභාවය සහ දූෂණයට එරෙහි මහජන අධීක්ෂණය තහවුරු කිරීම සඳහා වත්කම් හා බැරකම් ප්‍රකාශ මහජනතාවට විවෘතව තිබීම අත්‍යවශ්‍ය බවයි.
2026 ජූලි 24 වැනිදා ගැසට් කර ඇති දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත මගින් එම ප්‍රකාශ භාවිතය සහ ප්‍රවේශය සම්බන්ධයෙන් නව සීමා හඳුන්වා දීමට යෝජනා කර ඇති බව TISL සඳහන් කරනවා.
එම යෝජනා ක්‍රියාත්මක වුවහොත්, මහජනතාවට තොරතුරු ලබාගැනීමේ අයිතියට බාධා එල්ල විය හැකි අතර, රාජ්‍ය පාලනයේ විනිවිදභාවයට ද අහිතකර බලපෑම් ඇති විය හැකි බව එම සංවිධානය අවධාරණය කරනවා.
ඒ අනුව, වත්කම් හා බැරකම් ප්‍රකාශ සම්බන්ධයෙන් දැනට පවතින විනිවිදභාවය ආරක්ෂා කරමින් යෝජිත සංශෝධන නැවත සලකා බලන ලෙස ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk