2026-08-06 13:24 Hours

ලෝකයෙන්ම එක වූ අපේ රුමේෂ්


...

ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල අංක එකේ ස්ථානයට පත්ව තිබෙනවා.

ග්ලාස්ගෝහි පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී මීටර් 89.75ක දුරක් හෙල්ල විසි කර රන් පදක්කම දිනාගත් ඔහු, ඒ වෙනුවෙන් ලෝක ශ්‍රේණිගත කිරීම් ලකුණු 1,354ක් හිමි කරගෙන මෙම දක්ෂතාව වාර්තා කර ඇති බව සඳහන්.

ඒ සමඟ පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වේ ලෝක ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයට පත්වූ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙසද රුමේෂ් තරංග ඉතිහාසගත වී තිබෙනවා.

මෙය ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ඉතිහාසයේ තවත් සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස සැලකෙන අතර, ජාත්‍යන්තර ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාවේ නාමය තවදුරටත් ඉහළට ඔසවා තැබීමට රුමේෂ් තරංග සමත් වී ඇති බව වාර්තා වනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk