2026-08-09 21:08:00 Hours

කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කරයි


...

කොත්මලේ ගාමිණී දිසානායක ජලාශයේ ජල මට්ටම උපරිම ධාරිතාවට ළඟාවීම හේතුවෙන් අද (09) පස්වරු 7.00ට එහි වාන් දොරටු සුළු වශයෙන් විවෘත කර තිබෙනවා.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ප්‍රධාන වේලි හා ජලාශ මෙහෙයුම් අංශය (කොත්මලේ) සඳහන් කළේ, එම වාන් දොරටු හරහා තත්පරයට ඝන මීටර් 20ක පමණ අතිරික්ත ජල ප්‍රමාණයක් කොත්මලා ඔයට මුදාහැරෙන බවයි.

ඒ අනුව, ජලාශයෙන් පහළ කොත්මලා ඔයේ සහ මහවැලි ගඟේ ජල මට්ටම් සුළු වශයෙන් ඉහළ යා හැකි බවට බලධාරීන් අනතුරු අඟවනවා.

එබැවින් අදාළ ප්‍රදේශවල ජනතාව මේ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන ලෙසත්, අවශ්‍ය පියවර ගැනීමට සූදානමින් සිටින ලෙසත් බලධාරීන් දැනුම් දී තිබෙනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk