2026-08-09 17:28:00 Hours

බන්ධනාගාර නොසන්සුන්තාව ගැන සාකච්ඡාවට ආයතන ප්‍රධානීන් කැඳවයි


...

බන්ධනාගාර ආශ්‍රිතව පසුගියදා වාර්තා වූ නොසන්සුන්කාරී තත්ත්වයන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඊට අදාළ සියලු ආයතන ප්‍රධානීන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත කැඳවා තිබෙනවා.

මෙවැනි සිද්ධීන් යළි ඇතිවීම වැළැක්වීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම මෙම හමුවේ අරමුණ බවයි මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතා සඳහන් කළේ.

ඒ අනුව, බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන්, පොලිස්පතිවරයා සහ අදාළ අමාත්‍යාංශවල ලේකම්වරුන් ලබන 18 වැනිදා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත කැඳවා තිබෙනවා.

එහිදී බන්ධනාගාර ආශ්‍රිතව ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයන් සහ ඉදිරියේදී එවැනි සිදුවීම් වළක්වා ගැනීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන නිමල් පුංචිහේවා මහතා,

“බන්ධනාගාරවල සිදුවීම් බොහොම කනගාටුදායක සිදුවීමක්. මානව හිමිකම් කොමිෂන් සභාව හැටියට ඒ පිළිබඳව විශේෂ අවධානයකින් කටයුතු කරගෙන යනවා. දැනටමත් අපි මීගමුව බන්ධනාගාරයේ සිදුවීම් පිළිබඳව විමර්ශන ආරම්භ කරලා බොහෝ දුරට විමර්ශන කටයුතු ගොඩක් ඉදිරියට ගිහිල්ලා තියෙනවා. අනිත් බන්ධනාගාර මහර, ඒ වගේම ඊට පස්සේ ඇති වුණු සිද්ධීන් පිළිබඳව දැනට කොම්සම් සභාව විමර්ශනය කරගෙන යනවා...”



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk