2026-08-04 21:01:00 Hours

අධික රස්නය නිසා සිංහයන් තිදෙනෙක් මරුට


...

ජපානයේ ටෝකියෝ නුවර තමා සත්වෝද්‍යානයේ සිටි ගැහැණු සිංහයින් තිදෙනෙකු අධික උණුසුම හේතුවෙන් මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 3ත් 15ත් අතර ගැහැණු සිංහයින් තිදෙනෙකි.

අධික රස්නය නිසා සිරුරේ ජලය හිඟවීම සහ ශරීරයේ අභ්‍යන්තර අංග අක්‍රියවීම මෙලෙස මිය යෑමට හේතු වී ඇති බව සඳහන්.

මේ අතර, සත්වෝද්‍යානයේ රඳවා සිටින තවත් සිංහයින් 10 දෙනෙකු පමණ ආහාර රුචිය අඩුවීම සහ අලස බව ඇතුළු රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති බව වාර්තා වනවා.

ඔවුන් අතරින් සිංහයින් තිදෙනෙකුගේ තත්ත්වය තවමත් බරපතළ බැවින් ප්‍රතිකාර ලබාදෙමින් සිටින බව සත්වෝද්‍යාන බලධාරීන් සඳහන් කළා.

1964 වසරේ සිට මෙම සත්වෝද්‍යානයේ සිංහයින් ප්‍රදර්ශනය කරනු ලැබුවද, අධික උණුසුම හේතුවෙන් සිංහයකු මියගිය පළමු අවස්ථාව ලෙස මෙය සැලකෙනවා.

මේ හේතුවෙන්, පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් ජූලි 23 වැනිදා සිට සිංහ ප්‍රදර්ශනය තාවකාලිකව අත්හිටුවීමට සත්වෝද්‍යාන පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk