2026-08-07 12:37 Hours
2025 වසරේ විශිෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සම්මානයට පාත්‍ර වී තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කළ සම්මාන රාත්‍රියේදී මෙම සම්මානය පැතුම් නිස්සංක වෙත හිමිවූ අතර, වසරේ විශිෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු සම්මාන දිනාගත්තා.
මේ අතර 2025 වසරේ හොඳම ටෙස්ට් පිතිකරු ලෙසද පැතුම් නිස්සංක ඇගයීමට ලක්වූ අතර, හොඳම ටෙස්ට් පන්දු යවන්නා ලෙස ප්‍රභාත් ජයසූරිය සම්මානය හිමිකර ගත්තා.
ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා හොඳම ටෙස්ට් තුන්ඉරියව් ක්‍රීඩකයා ලෙස සම්මාන හිමිකරගත් අතර, එක්දින අංශයේ හොඳම පන්දු යවන්නා ලෙස අසිත ප්‍රනාන්දුත්, හොඳම පිතිකරු ලෙස චරිත් අසලංකත්, හොඳම තුන්ඉරියව් ක්‍රීඩකයා ලෙස වනිඳු හසරංගත් සම්මාන දිනාගත්තා.
විස්සයි20 අංශයේදී හොඳම පන්දු යවන්නා ලෙස දුෂ්මන්ත චමීරත්, හොඳම පිතිකරු ලෙස පැතුම් නිස්සංකත්, හොඳම තුන්ඉරියව් ක්‍රීඩකයා ලෙස දසුන් ශානකත් ඇගයීමට ලක්වුණා.
කාන්තා අංශයේදී එක්දින හොඳම පන්දු යවන්නිය සහ තුන්ඉරියව් ක්‍රීඩිකාව ලෙස චමරි අතපත්තු සම්මාන දිනාගත් අතර, හොඳම පිතිකාරිනිය ලෙස හර්ෂිතා සමරවික්‍රම සම්මාන හිමිකර ගත්තා.
විස්සයි20 කාන්තා අංශයේ හොඳම පන්දු යවන්නිය ලෙස කවිෂා දිල්හාරී සම්මානයට පාත්‍ර වූ අතර, හොඳම පිතිකාරිනිය සහ තුන්ඉරියව් ක්‍රීඩිකාව යන සම්මාන දෙකම චමරි අතපත්තු දිනාගත්තා.
එමෙන්ම 2025 වසරේ නැගී එන ක්‍රීඩකයා ලෙස කමිල් මිෂාරත්, නැගී එන ක්‍රීඩිකාව ලෙස ඉමේෂා දූලානිත් සම්මාන ලැබුවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk